Tuesday, July 5, 2016

ගරු ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේගුණවර්ධන අමාත්‍යතුමා අතර සාකච්ඡාව හා එහි ප්‍රතිපල

2016.07.01 දින සමස්ථ ලංකා සංවර්ධන නිලධාරී සංගමයේ නියෝජිතයන් සහ ගරු ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේගුණවර්ධන අමාත්‍යතුමා අතර සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී අවධානයට යොමුකල කරුණු හා ඇති කරගත් එකගතාවයන් පහත් පරිධි වේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අනුයුක්තව සිටින සංවර්ධන නිලධාරීන් සදහා රාජකාරී ලැයිස්තුවක් සකස් කිරීමේ කටයුතු ජූලි මාසය තුල අවසන් කිරීමටත් එ් සදහා අමාත්‍යතුමා පුද්ගලිකව මැදිහත් වීමටත් එකග විය. අප සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය පදනම් කරගෙන අදාල සියළු පාර්ශවයන් සම්බන්ධ කරගෙන මෙම කටයුත්ත සිදු කිරීමටත් සංවර්ධන කටයුතු විෂය භාරව සිටින අමාත්‍යාංශයකට මෙම සංවර්ධන නිලධාරීන් අනුයුක්ත කිරිමේ හැකියාව පිළිබදව විශේෂ අවධානයක් යොමු කිරීමටත් මෙහිදී එකගතාවයට පැමිණුනා. මෙහිදී අනෙකුත් නිලධාරීන්ගේ රාජකාරීන් සමග ගැටීමක් ඇති නොවන පරිධි රාජකාරී ලැයිස්තුවක් සකස් කිරීමට වුවමනා තරම් වර්ථමාන සමාජය තුල විෂයයන් පුළුල් වී තිබෙන අවධාරනය කෙරුණා.දැනට විවිධ ආයතන වලදී අවිධිමත් ආකාරයෙන් සිදුකරනු ලබන රාජකාරී පැවරීම් සම්බන්ධවත්, ඵලදායක නොවන ආකාරයෙන් කාර්යාල වලට දිනපතා කැදවීම සම්බන්ධවත්, අක්‍රමවත් ආකාරයෙන් කාර්යාල දින පවත්වාගෙන යාම සමබන්ධවත් දිස්ත්‍රික් ලේකම් වරුන් දැනුවත් කිරීමට අමාත්‍යාංශ ලේකම් වරයා එකග විය. එමෙන්ම සියළු ආයතන වල ඒකාකාරී ක්‍රමවේදයක් නිර්මාණය කිරීම සදහා පවතින සියළු ප්‍රශ්ණ හා ගැටළු දිස්ත්‍රික් ලේකම් වරුන්ගේ සමුළුවට ඉදිරිපත් කිරීමට අප සංගමයට අවශ්ථාවක් ලබා දීමටත් එකග වුණා.සමාන්තර මට්ටමේ සිටින අනෙකුත් නිලධාරීන්ට හිමි වරප්‍රසාද හා අයිතිවාසිකම් මෙම නිලධාරීන්ට ලබාදීමට ආණ්ඩුවට මෙන්ම අමාත්‍යවරයා විදියට තමාට වගකීමක් තිබෙන බවත් ඒ සදහා ප්‍රතිපාදන නොමැති බව ප්‍රකාශ කිරීම උත්තරක් නොවන බවත් අමාත්‍යවරයා අදාල නිලධාරීන්ට ප්‍රකාශ කලා. කඩිනමින් ආපදා ණය, වැඩ බැලීමේ දීමනා, ගමන් වියදම්, කාර්යාල දීමනා, ලිපිද්‍රව්‍ය හා කාර්යාල උපකරණ වැනි පහසුකම් සැපයීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙසටත් ඊළග මුදල් වර්ෂ්‍ය සදහා ප්‍රමාණවත් මුදල් ලබා ගැනීමට කටයුතු කරන ලෙසටත් අදාල නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.එමෙන් රාජකාරී පැවරීම, ස්ථාන මාරුවීම් ලබාදීම වැනි කාර්යයන් සම්බන්ධයෙන් සේවා ව්‍යවස්ථාවේ පවතින ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බැවින් අදාල පාර්ශවයන් සමග සාකච්ඡා කර අදාල විධිවධාන සේවා ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමට කටයුතු කිරීමටත් අමාත්‍යවරයා එකගත්වය පලකලා.මෙම සාකච්ඡාව සදහා සංගමය නියෝජනය කරමින් සභාපති, ප්‍රධාන ලේකම්, මාධ්‍ය ප්‍රකාශක, උප ලේකම්, ගම්පහ, කළුතර, මාතර, රත්නපුර යන දිසත්‍රික්කයන්හි දිස්ත්‍රික් සංවිධායකයන් ඇතුළු 10 දෙනෙකුගේ නියෝජිත කණ්ඩායමක් සහභාගී විය.








0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home